Call Us : 055-2265035 Email: mscweblk@gmail.com
නෙට්බෝල් වලින් ප්‍රථම ස්ථානය දිනාගත් මහාමාත්‍ය








 


       2025 . 02. 23 වන දින බිබිල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තරඟ වලින්,  නෙට්බෝල් තරඟයෙන් මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයට ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි විය. 

    මෙහිදී, මො / යශෝධරා බාලිකා විද්‍යාලය ලකුණු 5 රැස් කරගනිමින්  කරට කර තරඟයක් ලබා දෙමින් මහාමාත්‍ය විද්‍යා විද්‍යාලය ලකුණු 8 ලබා ගනිමින් ලකුණු 3ක් ඉදිරියෙන් ජයග්‍රහණය කරගෙන තිබෙනවා. 

  මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයේ ක්‍රිඩා අංශය බාර ප්‍රදීප් අත්තනායක ගුරුභවතාගේ මූලීකත්වයෙන් මෙම කණ්ඩායම ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සිදුකර ඇත.

  විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්... 


MSC Media Unit - 2025


පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට මහාමාත්‍ය බාලදක්ෂ කණ්ඩායමක් එළි දකී...











     2024 . 10. 04 වන දින පාසල තුළ දී  බාල දක්ෂ කණ්ඩායම් නිල ලාංජන පළදමින් මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයේ පාසල් ඉතිහාසය අලුත් කරන ලදි.  මෙතෙක් පාසල තුළ බාලදක්ෂ කණ්ඩායමක් නොසිටි අතර මෙදින එය වඩ වාඩත් දියුණු වෙමින් නව අරුතක් එක් කරන්නට හැකි විය.  ...  

       විදුහල්පති තුමන් සහ නියෝජනය විදුහල්පතිතුමන්ලා සහ ගුරුවරුන්ගෙ සහභාගීත්වයෙන් ඉතාමත් සරල අයුරින් පැවැත්විණි.  

    මාධ්‍ය ඒකකයේ අපගේ උණුසුම් සුභ පැතුම් ද එක් කරමින් බාලදක්ෂ ඔබ සැමට ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා...

© MSC Media Unit - 2024      

මහාමාත්‍ය ක්‍රිකට් කණ්ඩායම් මුහුණට මුහුණ ගැටේ...








       දෙවන වාරයේ අවසානයත් සමඟින් එදින එනම් 2024 / 08 / 16 වන දින විද්‍යාලයේ ගුරු භවතුන්ගේ මූලිකත්වය මත පාසලේ ක්‍රිකට් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විය. ක්‍රිකට් කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත් වුනු මෙහි ජයග්‍රහණය 11A කණ්ඩායම සතු කර ගැනීමට එදින ඔවුන් සමත් විය. 

   එමෙන්ම විශේෂ දක්ෂතා පෙන්වමින් සුවිශේෂි ක්‍රීඩක පිරිසක් ද එදින අප හට දැක ගැනීමට හැකිවිය. කෙසේ වෙතත් ඒකාකාරී පීඩනයෙන් මිදෙමින් විනෝදාස්වාදයෙන් පිරි දිනයක් බවට එදින පත් විය. 

සිසු අභිමන් 2024 සහ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරලීම ඉකුත් 19 වන දින උත්කර්ෂවත් අයුරින් සිදුවිය








2024 වර්ෂයේ නවමු වෙනසක් මතින් නව පෙරළියකින් , කළ එළි වෙමින් මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය 2024 / 07 / 19 වන දින අභිෂේක් ගැන්වූ වඟයි...
සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ මූලීකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් නිල ලාංජන පැලදවීම් උළෙල එදින සිදු විය.
එමෙන් ම,
නවමු පෙරළියක් පාසල වෙත දායාද කරමින් එදිනම මහාමාත්‍ය නිල වෙබ් අඩවිය බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්ගේ සුරතින් ප්රකාශයට පත් කෙරිනි.
බිබිල වෙල්ලස්ස පුරවරයට නව තාක්ෂණික අධ්‍යාපනික වෙනසක් ඇති කරලමින් හදුන්වා දුන් මුල් පුරුකද මහාමාත්‍ය විද්‍යා විද්‍යාලය බවටත් බිබිල කලාපයේ නිල වෙබ් අඩවියක් හිමි එකම පාසල බවටත් , ඌව පලාතේ නිල වෙබ් අඩවියක් හිමි දෙවන පාසල බවටත්, අන් කිසිදු පාසල් වෙබ් අඩවියක නොමැති පහසුකම් සහිත ලංකාවේ එකම වෙබ් අඩවිය බවටත් අප පත් විය.

Prefect Board | Mahamathya Science College

පහන් කූඩූ තරඟයෙන් ප්‍රථම ස්ථානය මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයට










   ඉකුත් පොසොන් පොහොය දින මූලික කර ගනිමින් බිබිල බෞද්ධ වෙළෙඳ සංගමය මගින් සංවිධානය කර තිබූ බිබිල පොසොන් කලාපයට සමගාමිව පහන් කූඩූ තරඟයට පාසල් අංශය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අප පාසල ප්‍රථම ස්ථානයට පත්ව ඇත. 

  ගරු විදුහල්පති තුමාගේ මඟ පෙන්වීම යටතේ පුරා සති දෙකක ප්‍රතිඵලයක් ලෙස සුවිසල් පහන් කූඩූවක් නිර්මාණය කර ගැනීමට හැකි විය. මේ සඳහා පාසලේ සියළු ගුරුවරුන්ගේ ද සහය මෙන්ම ආදී ශිශ්‍යයින්ගේ ද සහය සහ පාසල් සිසුන්ගේ ද සහය හිමි විය. 

  පුරා සතියක් මුළුල්ලේ ආලෝකමත් වෙමින් පොසොන් කලාපයට නව මුහුණුවරක් එක් කල අප පාසල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඒකකයේ අපගේ සුභ පැතුම් මෙලෙස එක් කර සිටිනවා... 





යොවුන් සේනාංකය වෙත පිවිසි ශිෂ්‍ය නායක මණ්ඩලය








 


2024 / 06 / 14 වන දින මහියංගණය ජාතික යොවුන්  සේනාංක පුහුණු කදවුර තුර දවස පුරා   ශිෂ්‍ය නායක නායිකාවන් පුහුණු වැඩමුළුවක් පැවත්විනි. 

   මේ සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 63 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම පුහුණු වැඩමුළුවේ දී පුහුණුව ලැබූ අතර ශිෂ්‍ය නායක මණ්ඩලය නියෝජනය කරමින් මොනිකා ගුරුමැණියන් සහ අනුලා ගුරුමෑණියන් ද ඇතුළුව විශාක ගුරු පියාණන් ද සහභාගි විය.

   මහාමාත්‍ය නාමය යොවුන් සේනාංකයට හුරු කරමින් විශේෂ දක්ෂතා දක්වමින් ශිෂ්‍ය නායකයින් එහි දස්කම් පාන්නට විය.
























මොණරාගල දිස්ත්‍රික් පොලිස්පතිතුමන් ශිෂ්‍ය නායක නායිකාවන් සමඟ සාකච්ඡාවකට එක්වෙයි










2024 / 05 / 31 වන දින මොණරාගල දිස්ත්‍රික් භාර පොලිස්පති තුමන් ශිෂ්‍ය නායක මණ්ඩලය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පාසලේ වත්මන් තත්වය සහ ඔවුනට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව සාකච්ඡාවකට එක් විය.


  මෙහිදි අනාවරණය කරගත් ගැටලු වලට පිලිතුරු ද සිසුන් සමඟ සාකච්ඡා කළ අතර එහිදී වැඩි දුරටත් බිබිල ප්‍රජා පොලිස්පති තුමන් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරිපත් කළ ගැටලු වලට කඩිනම් පියවරයන් ගන්නා බවයි.

බිබිලේ මදුශානී හේරත් තුන් පිම්මෙන් රිදී පදක්කම හිමිකරගනියි








 


නෙත්මිකා මදුශානී හේරත් ඩුබායී හීදී පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.
මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබයි.

රන් පදක්කම -උස්බෙකිස්තාන ක්රීඩිකාව 13.33m
ලෝකඩ පදක්කම- කොරියානු ක්රීඩිකාව 12.67m

Nethmika Madushani Herath, a student of Monaragala Bibila Nannapurawa Maha Vidyalaya, managed to win a silver medal with a personal best performance of 13.01m in the women's triple event at the Asian U20 Athletic Championships in Dubai.

Found of sri lanka💪💝
Congratulations nethmika madushani 🔥
Triple jump siver medel